පාද යාත්‍රාව උතුවන්කන්දෙන් යළි ඇරඹේ - එජාපය මාවනැල්ලේ පෙළපාලි යයි

Friday, 29 July 2016 - 12:04

%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජනසටන පාද යාත්‍රාව අද (29) දෙවන දිනට උතුවන්කන්ද - ධර්මදුත යෝගාශ්‍රමය අසලින් ආරම්භ වුණා.

මීට පෙර මාවනැල්ල නගරයෙන් එය ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණත් ඒකාබද්ධ විපක්ෂයේ ජනසටන පාද යාත්‍රාව මාවනැල්ල නගරයට ඇතුළුවීම වළක්වාලමින් මහේස්ත්‍රාත් අධිකරණයට ලබාදුන් නියෝගය හේතුවෙන් අද එය ආරම්භ කෙරුණේ උතුවන්කන්ද ප්‍රදේශයෙන්.

පේරාදෙණිය - ගලහ මංසන්ධිය අසලින් පාද යාත්‍රාව ඊයේ ආරම්භ වූ අතර, ඊයේ පස්වරුවේ එය අවසන් කෙරුණේ මාවනැල්ල - ගනේතැන්න ප්‍රදේශයෙන්.

ආගමික වතාවත්වලින් අනතුරුව අද දිනයේ පාගමන ආරම්භ වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

එම අවස්ථාවේදී ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් ද පැවතියා. පාගමන ආරම්භ වීමත් සමග හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ කියා සිටියේ පාගමන අද දිනයේ නෙලූම්දෙණිය නගරයෙන් අවසන් කරන බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද අද මාවනැල්ල ප්‍රදේශයේ පැවැත්වෙන උත්සව කිහිපයකට සහභාගි වනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධාන කරන ‘‘ළගම පාසල - හොදම පාසල’’ ව්‍යාපෘතිය යටතේ මාවනැල්ල - මෙඬේරිගම  විද්‍යාලයේ පැවැත්වෙන උත්සවයක් සදහා ද ජනාධිපතිවරයා අද උදෑසන එක්වුණා.

ඉන් අනතුරුව මාවනැල්ල ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේ පැවැත්වෙන පිරිවෙන් සහ අන්‍යාගමික අධ්‍යාපන ආයතන සදහා පරිගණක යන්ත්‍ර බෙදාදීමේ උත්සවයකට ද ජනාධිපතිවරයා සහභාගි වීමට නියමිතයි.

මේ අතර, ජනාධිපති, අගමැති ප්‍රමුඛ රජයට සුබපතා එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් මාවනැල්ල නගරයේ අද උදෑසන පෙළපාලියක් පවත්වනු ලැබුවා.

ඔවුන් මාවනැල්ල - හෙම්මාතගම මාර්ගයේ වීනස් ශාලාව අසල සිට මාවනැල්ල ප්‍රාදේශීය සභාව දක්වා පෙළපාලියකින් පැමිණියා.