Update :හිටපු මන්ත්‍රී පියසේන අගෝස්තු 2 වන දා දක්වා රිමාන්ඩ්

Friday, 29 July 2016 - 13:01

Update+%3A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%9A%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+2+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
කොළඹ අපරාධ කොට්ඨාශය අද අත්අඩංගුවට ගත් දෙමළ ජාතික සන්ධානයේ අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.එච්. පියසේන අගෝස්තු 2 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රජයේ වාහනයක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදීයි හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනුණේ. 

----------------------------------Friday, July 29, 2016 4.55pm

රජයේ වාහනයක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.එච්. පියසේන කොළඹ අපරාධ කොට්ඨාශය අද (29) අත්අඩංගුවට ගත්තා.