හිලරිගේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

Saturday, 30 July 2016 - 7:09

%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මෙවර ඇමරිකානු ජනපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකාව වන හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ ප්‍රචාරක වෙබ් අඩවියට අනවසර පිවිසීමක් සිදුවී ඇති බව වාර්තා වනවා.

මෙම සයිබර් ප්‍රහාරයට ඩිමොක්‍රටික් පක්ෂයේ අනෙකුත් ආයතනවල වෙබ් අඩවි වලට ද මුහුණදීමට සිදුව ඇති බවයි විදෙස් ප්‍රවෘත්ති සේවා සදහන් කළේ.

එම සයිබර් ප්‍රහාරය රුසියානු රජය වෙනුවෙන් කටයුතු කරන කණ්ඩායමක් විසින් සිදුකරන්නට ඇති බවටයි ඇමරිකානු බලධාරීන් විශ්වාස කරන්නේ.

ඇමරිකානු ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට බලපෑම් සිදුකිරීමට රුසියාව උත්සාහ කරමින් සිටින බවට ඔවුන් චෝදනා කරනවා.

කෙසේ නමුත්, එම චෝදනා ප්‍රතික්ෂේප කළ රුසියානු රජය එය හැදින්වූයේ වොෂින්ටනයේ දේශපාලන බලමුළු තුළින් මතුවන රුසියානු විරෝධයක් ලෙසයි.

හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ ප්‍රචාරක වෙබ් අඩවියේ දත්ත හැකර්වරුන් විසින් ලබාගෙන ඇති බව ඊයේ හෙළිදරව් වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඇමරිකානු එෆ්.බී.අයි. ඔත්තු සේවාව පරීක්ෂණයක් ආරම්භ කළා.