අගවිනිසුරු ඇතුළු නීති ක්ෂේත්‍රයට ජනපතිගෙන් විවෘත ඉල්ලීමක්

Saturday, 30 July 2016 - 7:58

%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කිසිදු භේදයකින් තොරව සැමට පොදු නීතියක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා කියා සිටියේ නීතියේ විසදුම් සොයා එන පොදු මහජනතාවට එහිදී සිදුවන ප්‍රමාදයන් වැළැක්වීම පිළිබඳ සියලූ දෙනාගේ අවදානය යොමු විය යුතු බවයි.

ඊට අදාළ යෝජනා සහ නිර්දේශ රජයට ඉදිරිපත් කරන ලෙස අගවිනිසුරුවරයා ඇතුළු නීති ක්ෂේත්‍රයේ සියලූ දෙනාගෙන් විවෘත ඉල්ලීමක් සිදුකරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේ අභිනවයෙන් ඉදිකළ මුතූර් අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්.