විග්නේෂ්වරන් කැනඩාවට ගතු කියයි

Saturday, 30 July 2016 - 8:06

%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තුන්දින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණි කැනඩා විදේශ අමාත්‍ය ස්ටෙෆන් ඩියොන් ඊයේ උතුර පළාතේ සංචාරයක නිරත වුණා.

එහිදී උතුර පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ සහ පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ද හමුවී සාකච්ඡා කළා.

උතුරේ අවතැන්වූවන් එක්ලක්ෂ 62,000කට වැඩි ප්‍රමාණයක් මේ වන විට යළි පදිංචි කර අවසන් බව ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ එම සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබෙනවා.

සංහිදියාව වර්ධනය කිරීම සඳහා රජය පියවර රැසක් ක්‍රියාත්මක කර ඇති බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.   

කැනඩා විදේශ අමාත්‍ය ස්ටෙෆන් ඩියොන් අනතුරුව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් හමුවූ අතර, අපේක්ෂිත දේශපාලන විසදුම් පිළිබඳ ඔහු එහිදී අදහස් පළ කර තිබෙනවා.

අනතුරුව මහඇමතිවරයා මාධ්‍ය වෙත ඒ සම්බන්ධයෙන් මෙලෙස ප්‍රකාශයක් කළා.

’’ වර්තමාන දේශපාලන වාතාවරණය මෙන්ම උතුරු පළාතේ ප්‍රගතිය පිළිබඳවයි කැනඩා විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු නියෝජිතයන්ට අපගෙන් දැන ගැනීමට අවශ්‍ය වුණේ. විශේෂයෙන් 2015 ජනවාරි 8 වන දා විප්ලවයෙන් පසු උතරේ ඇති වී තිබෙන වෙනස්කම් පිළිබදව ඔවුන් අපගෙන් විමසා සිටියා. දේශපාලන වශයෙන් කැපී පෙනෙන ප්‍රගතියක් ඇති වී තිබෙන බව අප එහිදී ඔවුන්ට පැවසුවා. එහෙත් අනෙකුත් අංශවලින් ප්‍රගතිය සිදුවන්නේ ඉතා සෙමෙන් බවයි අප එහිදී ඔවුන්ට කියා සිටියේ. විශේෂයෙන් උතුරේ නිර් - හමුදාකරණය සිදුනොවීම විශාල අඩුවක් ලෙස අප පෙන්වා දුන්නා. හමුදාව උතුරේ ජනතාව සතු ඉඩම් සියල්ල මෙතෙක් නිදහස් කර නැහැ. එමෙන්ම ඔවුන් ව්‍යාපාර කටයුතුවලට මෙන්ම ජන ජීවිතයට තවදුරටත් බලපෑම් සිදුකරනවා. උතුරේ වැසියන් වසර 26ක් තිස්සේ බලා සිටියා ඔවුන්ගේ අයිතීන් ලබා ගැනීමට. මේ නිසා ඔවුන්ට තම ඉඩකඩම් කඩිනමින් හිමි විය යුතු බව අප කැනඩා නියෝජිතයන්ට පෙන්වා දුන්නා. විශේෂයෙන් උතුරේ ප්‍රගතිය ඉතා සෙමෙන් සිදුවන බවයි අප ඔවුන්ට කියා සිටියේ. ’’