අතුරුදන් වූ යානය සෙවීමට ඉන්දියාව ඇමරිකානු සහය පතයි

Saturday, 30 July 2016 - 9:40

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
පුද්ගලයන් 29 දෙනෙකු සමඟ පසුගිය ජුලි 22 වන දා චෙන්නායි ඉහළ අහසේදී අතුරුදන් වූ ඒ.එන්.32 වර්ගයේ ඉන්දීය ගුවන් හමුදා යානය සෙවීම සඳහා ඇමරිකානු සහාය අපේක්ෂා කරන බව එරට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය මනෝහර් පරික්කාර් සදහන් කළා.

ඉන්දීය පාර්ලිමේන්තුවේදී ඔහු වැඩිදුරටත් සදහන් කළේ ගුවන් යානය භාවිත කළ කාලය හෝ නියමුවාගේ පුහුණු කාලය එය අනතුරට ලක්වීමට හේතුවක් නොවන බවයි.

බෙංගාල බොක්කට කඩා වැටෙන්නට ඇති බවට සැකකෙරෙන යානය සෙවීම සඳහා ඉන්දීය නාවික හමුදා යාත්‍රා 10ක් යොදවා ඇති අතර, සබ්මැරීනයක් මගින් මුහුදු පත්ල ද පරීක්ෂාවට ලක් කෙරෙනවා.

කෙසේ නමුත්, ඒ පිළිබදව හෝඩුවාවක් නොලැබීම මෙලෙස යානය සෙවීම සඳහා ඇමරිකානු සහාය ලබා ගැනීමට හේතුවක්.