සමාජ ජාල හරහා අසභ්‍ය වැඩකට කුඩා දැරියන්ට කතා කළ පුද්ගලයාට වූ දේ

Saturday, 30 July 2016 - 11:16

%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD+%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
සමාජ ජාල හරහා කුඩා දැරියන් රවටා අපයෝජනය කළ පුද්ගලයකු තරුණයන් පිරිසක් විසින් පහරදී ඝාතනය කළ පුවතක් රුසියාවෙන් වාර්තා වනවා.

අදාළ පුද්ගලයා 47 හැවිරිදි අයෙකු වන අතර ඔහු විසින් කලක පටන් මෙසේ දැරියන් රවටා ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් තරුණ කණ්ඩායමක් විසින් කුඩා දැරියක් ලෙසින් සමාජ ජාල ඔස්සේ පණිවුඩ හුවමාරු කරගනිමින් ඔහුව එක්තරා ස්ථානයකට කැඳවා තිබෙනවා.

පසුව ඔහුට පහරදී ඝාතනය කර ඇති බවටයි එරට පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

ඔහුගේ සමාජ ජාල යහළුවන් අතර කුඩා දැරියන් රැසක් සිටි බවත් එහි කුඩා දැරියන් සමඟ සිටින අසභ්‍ය දර්ශන තිබූ බවත් අනතුරුව සිදුකළ විමර්ශනයන්හිදී අනාවරණය වී තිබෙනවා.

අදාළ පහරදීම සිදුකළ අවස්ථාවේ වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ මේ අයුරින්.