ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටළුව ගැන නවදිල්ලියේදී සාකච්ඡා

Saturday, 30 July 2016 - 12:29

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%80%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F
ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටළුවට ස්ථීර විසදුමක් සොයා ගැනීමේ පියවරක් ලෙස ඉන්දියාව අභ්‍යන්තර පාර්ශවකරුවන්ගේ රැස්වීමක් පවත්වා තිබෙනවා.

විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ්ගේ ප්‍රධානත්වයෙන් පැවති ඊයේ නවදිල්ලියේ පැවැති ඉන්දීය ප්‍රවාහන, මහාමාර්ග සහ නාවික අමාත්‍ය රාධා ක්‍රිෂ්ණන් මෙන්ම තමිල්නාඩු, පුදුචෙරි, ආන්ද්‍ර ප්‍රදේශ්, කේරළ සහ ඔඩීෂා යන දකුණු ඉන්දීය ධීවර කලාපවල නියෝජිතයන් ද සහභාගි වූ බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ.

මෙරට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර ලබන මස ඉන්දියාවේ චාරිකාවක් සඳහා පැමිණීමට නියමිත බැවින් ඒ සඳහා සූදානම්වීමක් ලෙස මෙම රැස්වීම පවත්වා ඇති බව සදහන්.

ඊයේ පැවැති සාකච්ඡාව පිළිබදව වාර්තාවක් ගෙන එන හින්දු පුවත්පත සදහන් කළේ පසුගිය පෙබරවාරි 5 වන දා පැවැති ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ රැස්වීමේදී ධීවර ගැටළුවට ස්ථීර විසදුමක් ලබා ගැනීම සඳහා එකඟත්වයක් ඇති වූ බවයි.

ඉන්දීය ධීවරයන් ශ්‍රී ලාංකික මුහුදු තීරය ආක්‍රමණය කිරීම සහ ඔවුන් ශ්‍රී ලංකාව මගින් අත්අඩංගුවට පත්වීම පිළිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඉන්දීය චාරිකාවේදී ද සාකච්ඡාවට ලක්වුණා.

ඊයේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ ඉන්දීය ධීවරයන්ගේ ජීවිකා වෘත්තීය සුරක්ෂිත කරලීම සඳහා තිරසාර වැඩපිළිවෙලක් හඳුන්වා දීම පිළිබදව එහිදී අවධානය යොමු වූ බවයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ මෙතෙක් එකඟත්වයකට පැමිණීමට නොහැකි වී ඇති බව ද හින්දු පුවත්පත සදහන් කළා.

එමෙන්ම ගැටළුවට ප්‍රායෝගික විසදුමක් අවශ්‍ය වන බවත් දෙපාර්ශවයේම ධීවරයන්ගේ ජීවිකා වෘත්තීන් සුරක්ෂිත වන තිරසාර ක්‍රමවේදයක් අවශ්‍ය වන බවත් එම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණු බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ.

ඊයේ පැවැති සාකච්ඡාව සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ වෙරළාරක්ෂක බලකායේ මෙන්ම කෘෂිකර්ම, ස්වදේශ කටයුතු, ආරක්ෂක අමාත්‍යාංශවල නියෝජිතයන් ද එක්වී තිබෙනවා.