හිටපු ජනපති නොමැතිව පාද යාත්‍රාව නෙළුම්දෙනියෙන් ගමන් අරඹයි

Saturday, 30 July 2016 - 12:45

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%99%E0%B7%85%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාව අද තුන්වන දිනට ආරම්භවූයේ නෙළුම්දෙනිය නගරයෙන්.

එය අද දිනයේදී නිට්ටඹුව නගරය දක්වා ගමන් කිරීමට නියමිතයි.

එය මේ වන විට අඹේපුස්ස මංසන්ධිය දක්වා ළඟා වෙමින් පවතිනවා.

කෙසේ වෙතත්, පාද යාත්‍රාවේ ආරම්භක අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගි නොවූ බවයි අප මාණ්ඩලික වාර්තාකරු ප්‍රකාශ කළේ.

මේ අතර, පාද යාත්‍රාවට වරකාපොළ නගර සීමාවට ඇතුළුවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලීසිය කළ ඉල්ලීමක් වරකාපොළ මහේස්ත්‍රාත් තරංගමාල් උද්දාල සුවන්දුරුගොඩ ඊයේ ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ද ඒකාබද්ධ විපක්ෂයේ පා ගමන සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රවර්ධන වැඩසටහන් නතර කරන ලෙසට නිට්ටඹුව පොලීසිය කළ ඉල්ලීමක් ඊයේ ඉවත දැමුවේ  ඕනෑම පක්ෂයකට ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ හැකි බව පවසමින්.

ඒකාබද්ධ විපක්ෂයේ පා ගමන නිට්ටඹුවේ සිට කිරිබත්ගොඩ දක්වා ගමන් ගන්නා මාර්ගයේ සංවිධාන කර ඇති එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහන, පෙළපාලියෙන් පැයකට පෙර හෝ පැයකට පසු සිදුකරන ලෙසට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ද ඊයේ නියෝග කළා.

මේ අතර, සාමය කඩ විය හැකි බැවින් තම බලප්‍රදේශවලට පාද යාත්‍රාව ඇතුළුවීම වළක්වන ලෙස කිරිබත්ගොඩ සහ කඩවත පොලිස් ස්ථාන මගින් සිදුකළ ඉල්ලීම මහර මහේස්ත්‍රාත් අධිකරණය ද ඊයේ ප්‍රතික්ෂේප කර තිබුණා.

මේ අතර, කිරිබත්ගොඩ නගරය ආරම්භයේ සිට නගර සීමාව පසුවන තෙක්ම කොළඹ - නුවර පාරේ විදුලි පහන් කණුවල තණකොළ මිටි එල්ලා තිබෙන අයුරු දැක ගත හැකි බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

එමෙන්ම නගර මධ්‍යයේ පිහිටි හෝරා ස්ථම්භයේ ප්‍රදර්ශනය කර ඇති බැනරයක සටහන් කර ඇත්තේ ඒවා පාද යාත්‍රාවේ පැමිණෙන අයට කැළණි ජනතාවගෙන් තෑග්ගක් ලෙසයි.

ජන සටන පාද යාත්‍රාව නව නුවර මාර්ගයේ කිරිබත්ගොඩ නගරය පසු කිරීමට නියමිතව තිබෙනවා.