පොළොන්නරුවේ ඇතුළු නගරයේ කැණීම් ඇරඹේ (ඡායාරූප)

Saturday, 30 July 2016 - 12:48

%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පොළොන්නරුව - ඇතුළු නගර පරිශ්‍රයේ විශේෂ කැණීම් ව්‍යාපෘතියක් ලබන වසරේ ආරම්භ කරන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා.

පොළොන්නරු - පුරාවිද්‍යා කැණීම් ව්‍යාපෘතියේ 3 වන අදියර යටතේ එය ක්‍රියාත්මකයි.

එහි දෙවන අදියරේදී අංක 2 ශිව දේවාලය අවට කැණීම් සිදුකළ අතර, එය ඊයේ අවසන් කෙරුණා.

මේ  අතර පොලොන්නරුව ඉතිහාසය ක්‍රිස්තු පුරවා හතර වන සියවස දක්වා දිව යන පුරා විද්‍යාත්මක සාධක රැසක් සොයා ගැනීමට හැකි වූ බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා කියාසිටියේ පොලොන්නරුව ඇතුළු නගරයේ හා අංක දෙක ශිව දේවාල පරිශ්‍රයේ සිදු කරන ලද කැනීම් මගින් මෙම තොරතුරු තහවුරු කර ගත් බවයි.  
 
මේ අනුව ඉන්දියාවේ  නිෂ්පාදිත යයි කියන උතුරු කාල රත්න, ඔප දමන ලද මැටි භාණ්ඩ, මැටි පහන් වල කොටස් හමු  වූ බවයි ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සදහන් කළේ.

ඉපැරණි පොලොන්නරුව නගරයේ අංක දෙක ශිව දේවාල පරිශ්‍රය ආසන්නයේ ඇති සෙල්පියක සදහන් වන පරිදි ශිව දේවාලය මගින් මැටි පහන් සහ දීමනා ලබා දුන් බව කියන පුර විද්‍යාත්මක සාක්ෂි සත්‍යයක් වී ඇති බවද ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
 


ඡායාරූප - පොළොන්නරුව රොෂාන් තුෂාර