දඹුල්ලේ පොලිස් කොස්තාපල්වරයෙකු බෝම්බ ප්‍රහාරයක් වළකයි (ඡායාරූප)

Saturday, 30 July 2016 - 13:34

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දඹුල්ල - ඇරවුල ප්‍රදේශයේ නිවසකට පැමිණ අත්බෝම්බ ප්‍රහාරයකට සැරසුණු පුද්ගලයෙකු වැළැක්වීමට දඹුල්ල පොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙකු සමත් වී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙම කොල්ලකරුවන් යතුරුපැදියකින් පැමිණ නිවසක දොර කඩා ඇතුළු වී ඇති අතර, ඒ පිළිබද දැන ගැනීමෙන් පසුවයි පොලිස් කොස්තාපල්වරයා එහි පැමිණ ඇත්තේ.

කොල්ලකරුවන් අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පළා යාමට උත්සාහ කර ඇති අතර පොලිස් කොස්තාපල්වරයා උදැල්ලක ආධාරයෙන් කොල්ලකරු මෙල්ල කර තිබෙනවා.

එහිදී එක් කොල්ලකරුවෙකු පළා ගොස් ඇති අතර, නිවස හිමි කාන්තාව පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ සිය නැගණිය සමඟ කලින් විවාහ වී සිට පසුව වෙන්ව සිටින යුද හමුදාවේ සේවය කළ පුද්ගලයෙකු සහ ඔහුගේ මිතුරෙකු මෙම ප්‍රහාරය සඳහා පැමිණි බවට හඳුනාගත් බවයි.





(ඡායාරූප - කාංචන ආරියදාස )


.