රුසියාවට සයිබර් ප්‍රහාරයක්

Sunday, 31 July 2016 - 7:56

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රුසියානු රජයේ ආයතන රැසකට සැළසුම් සහගත සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව එරට මධ්‍යම ඔත්තු සේවාව සඳහන් කළා.

ආයතන 20 කට පමණ ඉන් බලපෑම් ඇතිවී ඇති බවයි රුසියානු එෆ්.එස්.බී. ඔත්තු සේවාව ප්‍රකාශ කළේ.

මෙම පරිඝනක වෛරසය හේතුවෙන් රුසියානු රජයේ ආයතනවල පරිඝනක දත්ත නිරීක්ෂණය කිරීමට හැකර්වරුන්ට හැකිවී ඇති බව සඳහන්.

රුසියාවට මෙලෙස සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත්තේ ඇමරිකානු ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සයිබර් ප්‍රහාරයක්  එල්ලවී පැය 48 ක් ගතවීමට පෙරයි.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකාව චෝදනා කළේ රුසියාවටයි.

කෙසේ නමුත් වොෂින්ටනය රුසියානු විරෝධයක් මතුකිරීමට උත්සාහ කරන බව පවසමින් රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කළා.