දුම්රිය බම්බු ගේට්ටුකරුවන් අද සිට නැවතත් වර්ජනයේ

Sunday, 31 July 2016 - 8:04

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%94+%E0%B6%9C%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A
තම ඉල්ලීම්වලට විසඳුම් නොලැබීම හේතුවෙන් අද පෙරවරු හයේ සිට වැඩවර්ජනයක් ආරම්භ කළ බව අනාරක්ෂිත දුම්රිය බම්බු ගේට්ටුකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ඒ.ඒ.පී. ප්‍රේමලාල් කියා සිටියේ මීට පෙර රුපියල් 5000 ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලීම් කළද ඊට නිසි පිළිතුරු නොලැබීම මෙම වර්ජනයට හේතුව බවයි.

මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ අංශ මේ වනවිටත් එම ගැටළුව සම්බන්ධයෙන් දැනුම්වත් කර ඇති බවයි.