මාර්ගය අසළ නවතා තිබූ ටිපර් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Sunday, 31 July 2016 - 9:58

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B7%85+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුතර පාලම අසල නවතා තිබූ ටිපර් රථයක යතුරුපැදියක් ගැටී අද අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

පාලම පිළිසකර කිරීමට භාණ්ඩ රැගෙන විත් තිබූ ටිපර් රථයක ගැටීමෙන් මොහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි කළුතර - දකුණ පොලීසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ කළුතර - දකුණ - පරණ පාර ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙක්.

අදාළ ටිපර් රථයේ රියදුරු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.