ඉන්දියාවේ ජල ගැල්මෙන් මියගිය සංඛ්‍යාව ඉහළ යයි

Sunday, 31 July 2016 - 10:01

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ ඇසෑම්, මේඝාලය, බිහාර් සහ බටහිර බෙංගාල ප්‍රාන්තවල මෝසම් වැසි සමඟ ඇතිවූ ජල ගැලීම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෝසම් වැස්ස සහ ජල ගැලීම්වලින් දකුණු ඉන්දියාවද පීඩාවට ලක්වී ඇති අතර, පුද්ගලයන් 27 දෙනෙකු අකුණු සැර වැදීම නිසා මියගොස් ඇති බව වාර්තාවනවා.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං ප්‍රකාශ කළේ ජල ගැල්මට ලක්වූ ප්‍රදේශ පිළිබඳ ඊයේ ගුවනින් සමීක්ෂණයක් සිදුකළ බවයි.

ඉන්දියාවේ ජල ගැල්ම හේතුවෙන් මිලියන සංඛ්‍යාත පිරිසක් අවතැන්වී සිටින අතර, ඇසෑම් ප්‍රාන්තයේ පමණක් 30 ලක්ෂයකට ජල ගැල්ම බලපා ඇති බව සඳහන්.