මත්තේගොඩ නගරයේ පාළු ඉඩමක තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගැනේ

Sunday, 31 July 2016 - 11:13

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%85%E0%B7%94+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B6%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
මත්තේගොඩ නගරයේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට පිහිටි පාළු ඉඩමක තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා.

කහතුඩුව පොලීසිය ප්‍රකාශ කළේ අද උදෑසන මෙම මළ සිරුර සොයාගෙන ඇති බවයි.

මියගොස් ඇති පුද්ගලයා 38 හැවිරිදි පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ බවට හඳුනාගෙන තිබෙනවා.

මෙය ඝාතනයක්ද නැද්ද යන්න පිළිබඳ සොයාබැලීම සඳහා විමර්ශනයක් සිදුකරන බවයි පොලීසිය කියා සිටියේ.