දහයියා ගෝනිවලින් වසා බුරුත දැව ප්‍රවාහනය කරලා

Sunday, 31 July 2016 - 12:06

%E0%B6%AF%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%B6%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AD+%E0%B6%AF%E0%B7%90%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F
අනවසරයෙන් ප්‍රවාහනය කළ බුරුත දැව තොගයක් අත්අඩංගුවටගෙන තිබෙනවා.

පලෙයි ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටින පොලිස් නිලධාරීන් ලද තොරතුරකට අනුව මේ වැටලීම කළ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මුර සංචාරයේ යෙදී සිටි නිලධාරීන් සැක කටයුතු ලොරි රථයක්  නැවත්වීමට උත්සාහ කළ අවස්ථාවේදී නොනවත්වා රථය ධාවනය කර තිබෙනවා.

ලොරි රථය ලුහුබැදගොස් නවත්වාගෙන ඇති අතර සැකකරුවන්  පලාගොස් සිටි බව සදහන්.

පොලිසිය කළ පරික්ෂා කිරීමේදී දහයියාවලින් වසා තිබු බුරුත දැව තොගය සොයාගත් බවයි අප වාර්තාකරු සදහන් කළේ.

පලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.