Update : අත්අඩංගුවටගත් වෘත්තීය සමිති සභාපතිවරයා ඇතුළු 3 දෙනා රිමාන්ඞ්

Sunday, 31 July 2016 - 12:55

Update+%3A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A
පාද යාත්‍රා පාගමනේදී පිළිරුවකට උපහාර දැක්වීම සඳහා රජයේ වාහන දෙකක් භාවිත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ නිදහස් සේවක සංගම් සභාපතිවරයා ඇතුලූ තුන්දෙනා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ වරකාපොළ මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව ඊයේ වරකාපොලට ළඟාවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම්වරයෙකු වන අභාවප්‍රාප්ත ධර්මසිරි සේනානායකගේ පිළිරුවට උපහාර දැක්වූ අතර, ඒ සඳහා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ වාහන දෙකක් යොදාගෙන තිබුණා.

Update : Sunday, July 31, 2016 : 5.41
......................................................

පාද යාත්‍රා පාගමනේදී පිළිරුවකට උපහාර දැක්වීම සඳහා රජයේ වාහන දෙකක් භාවිත කිරීම සම්බන්ධයෙන් ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ නිදහස් සේවක සංගම් සභාපතිවරයා ඇතුලූ තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව ඊයේ වරකාපොලට ළඟාවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම්වරයෙකු වන අභාවප්‍රාප්ත ධර්මසිරි සේනානායකගේ පිළිරුවට උපහාර දැක්වූ අතර, ඒ සඳහා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ වාහන දෙකක් යොදාගෙන තිබුණා.

පොලිස්පති පූජිත් ජයසුන්දර ගාල්ලේ ඊයේ පැවති උත්සවයකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අතර, ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමන්ටද පැමිණිලි කිහිපයක් ලැබී තිබූ බවයි.

ඒ අනුව ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමට අයත් අදාළ දොඹකරයක් සහ වෑන් රථයක් අත්අඩංගුවට ගැනුනේ ඒවායේ රියදුරන්ද සමඟයි.

වරකාපොල - පිලාඬුව බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ තිබියදී පොලිසිය විසින් ඒවා රැගෙන ගොස් තිබෙනවා.

කෙසේ නමුත් ගුවන් තොටුපල හා  ගුවන් සමාගමේ සේවා සමාගමේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති එම්.ඩබ්ලිව්.බී. මුහන්දිරම් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එහි ලේකම් සී. දිනේෂ් නන්දික පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ අදාළ දොඹකරය එම ස්ථානයට රැගෙන එනු ලැබුවේ ගුවන්  තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති සමන් එස්. එදිරිවීරගේ අනුමැතියද සහිතව බවයි.

හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳව ගුවන්  තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයාගෙන්ද කරුණු විමසූ අතර ඔහු කියා සිටියේ අදාළ දොඹකරය පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සඳහා රැගෙන යාමට අවසර ලබාදී ඇති බවයි.

කෙසේ නමුත් එම කාලවකවානු සම්බන්ධයෙන් තමන්ට ගැටළුවක් පවතින නිසා මේ පිළිබඳව ප්‍රකාශයක් ලබාදිය නොහැකි බව සභාපතිවරයා කියා සිටියා.