එට්කා ගැන සාකච්ඡාවට ඉන්දීය කණ්ඩායමක් ලබන සතියේ දිවයිනට

Sunday, 31 July 2016 - 13:00

%E0%B6%91%E0%B6%A7%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
එට්කා හෙවත් ඉන්දු ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික එකගතා ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා පැවැත්වීම සඳහා ඉන්දීය නියෝජිත කණ්ඩායමක් ලබන අගෝස්තු 9 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනවා.

එම නිල දුත පිරිස ඉන්දීය රජයේ වානිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බූපින්දර් භල්ලා විිසින් මෙහෙවනු ඇති.

ඔවුන් දෙදිනක් ශ්‍රී ලංකාවේ රැදී සිටින අතර, එට්කා ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කරන මෙරට කමිටුව සමග සාකච්ඡා කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.  

එට්කා ගිවිසුමට අදාළ මෙරට යෝජනා ඇතුළත් දළ පිටපතක් ඉන්දීය රජය වෙත පසුගියදා යොමු කර තිබෙනවා.

ඊට අදාළව අදහස් දැක්වීම සඳහා ඉන්දීය නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ.

මේ වසර අවසන් වීමට පෙර එට්කා  ගිවිසුම අත්සන් තැබීමට හැකිවනු ඇති බවත්, එහි ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

ඉන්දීය නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් පසු දෙවන වටයේ සාකච්ඡා සඳහා මෙරට නියෝජිත පිරිසක් ද ඉන්දියාව බලා යෑමට නියමිතයි.

කෙසේ නමුත්, අවසන් වටයේ සාකච්ඡා කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සඳහන්.

මේ වසරේ දීපවාලී උත්සවයට පෙර ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික එකගතා ගිවිසුමට අත්සන් තැබීමට හැකිවනු ඇති බවට ඉන්දීය පාර්ශ්වය විිශ්වාසය පළ කරනවා.