බිරිද විසින් සැමියා ඝාතනය කෙරේ (ඡායාරූප)

Sunday, 31 July 2016 - 14:47

%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අමිපාර තිරික්කෝවිල් තමිබිලූවිල් ප්‍රදේශයේදී බිරිද විසින් සැමියා පොරවකින් පහරදී ඝාතනයකර තිබෙනවා.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවයි තිරුක්කෝවිල් පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම කාන්තාව දිනපතා මත්පැන් පානයට පුරුදුවී සිටි කාන්තාවක් බවයි වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

මියගිය පුද්ගලයා  46 හැවිරිදි පුද්ගලයකුවන අතර සැකකාර කාන්තාව අත්අඩංගුවටගෙන ඇති බව අප වාර්තාකරු සදහන් කළා.

ඔවුන් දෙපළ කලක් එල් .ටි.ටි. සංවිධානයේ සාමජිකයන්ව සිට පසුව පුනරුත්ථාපනය කරන ලද අය බවයි වැඩිදුර පරීක්ෂණ වලදී හෙළිවී ඇත්තේ.

තිරුක්කෝවිල් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



ඡායාරූප - අම්පාර වසන්ත චන්ද්‍රපාල