පාද යාත්‍රාව අද කොළඹට

Monday, 01 August 2016 - 7:25

%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7
ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජනසටන පාද යාත්‍රාවේ අවසන් දිනය අදයි.

ඊයේ (31) උදෑසන නිට්ටඹුවෙන් ආරම්භ වූ පාද යාත්‍රාව අවසන් වුණේ කිරිබත්ගොඩ නගරයෙන්.

ඒ, අනුව අද (01) උදෑසන කිරිබත්ගොඩ නගරයේ සිට කොළඹ දක්වා පාද යාත්‍රාව පැමිණීමට නියමිතයි.

කෙසේ වෙතත්, ජන සටන පාද යාත්‍රාවේ අවසන් රැලිය පවත්වන ස්ථානය පිළිබඳව මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කර නැහැ.

පසුගිය 28 වනදා පේරාදෙනිය නගරයෙන් ඇරඹි මෙම පාද යාත්‍රාව අද කොළඹට ළඟා වන්නේ පස් වන දිනටයි.

කොළඹ නගරය සහ ඒ අවට ප්‍රදේශවලට අද දිනයේ විශේෂ ආරක්ෂාවක් යොදවන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

මේ අතර, ඊයේ (31) දිනයේදී පාද යාත්‍රාව හොරගොල්ල - බණ්ඩාරනායක සමාධිය පසුකරන අවස්ථාවේ ඊට විශේෂ ආරක්ෂාවක් යොදා තිබුණා.

ඒ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංගගේ ඉල්ලීමකට අනුවයි.

කෙසේ වෙතත්, පාද යාත්‍රාවේ ගමන් ගත් පිරිස බණ්ඩාරනායක සමාධිය පසු කරන අවස්ථාවේ හිස් වැසුම් ගළවා, ධජ පහත දමා, නිහඬව එම ස්ථානයෙන් ගමන් කළ බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

පාද යාත්‍රාව ආරම්භක අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට එක්ව නොසිටි අතර ඊයේ පස්වරුවේ ගම්පහ - ඉඹුල්ගොඩ දී ඔහු පාද යාත්‍රාවට එක්වුණා.