Upadate : අගමැති දිවයිනෙන් නික්මෙයි

Monday, 01 August 2016 - 7:33

Upadate+%3A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දෙදින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද දහවල් 12.30 ට පමණ ඉන්දුනීසියාව බලා පිටත්ව ගියා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 308 දරණ  යානයෙන් අග්‍රාමාත්‍යවරයා මෙලෙස දිවයිනෙන් පිටත්ව ගිය බවයි හිරු ගුවන් තොටුපළ වාර්තාකරු කියා සිටියේ.

අග්‍රාමාත්‍යවරයා සමඟ 12 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිනවා.

ඉන්දුනීසියාවේ - ජකාර්තා නුවර හෙට ආරම්භ වන 12 වන ලෝක ඉස්ලාම් ආර්ථික සමුළුවට සහභාගිවන අග්‍රාමාත්‍යවරයා එහි ආරම්භක සැසිවාරයේදී විශේෂ දේශනයක්ද පැවැත්වීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

Upadate : Monday, August 1, 2016 :1.59
.............................................................................

දෙදින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (01) ඉන්දුනීසියාව බලා පිටත්ව යාමට නියමිතයි.

ඉන්දුනීසියාවේ - ජකාර්තා නුවර පැවැත්වෙන 12 වන ලෝක ඉස්ලාම් ආර්ථික සමුළුවට සහභාගිවන අග්‍රාමාත්‍යවරයා එහි ආරම්භක සැසිවාරයේදී විශේෂ දේශනයක්ද පැවැත්වීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

සමුළුව අතරතුර අග්‍රාමාත්‍යවරයා ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විදොදෝ, එරට මුදල් අමාත්‍ය ශ්‍රී මුල්යානි ඉන්ද්‍රවතී සහ සමුද්‍ර කටයුතු අමාත්‍ය ලූහුත් බින්සාර් පන්ජයිතාන් හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එසේම සමුළුව අතරතුර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මලයාසියානු අග්‍රාමාත්‍ය අබ්දුල් රසාක්, තජිකිස්ථාන් ජනාධිපති එමමොලි රහ්මන් සහ ජෝර්දානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ජාවඞ් අල් අනානි ද මුණගැසෙනු ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

මේ අතර, පසුගිය කාලයේ සංඝ භේදය ඇති කිරීමේ උත්සාහයන් වැළැක්වීම නව ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණු අතර පැවති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

රඹුක්කන - කඩිගමුව ප්‍රදේශයේ ඊයේ පැවැති ආගමික උත්සවයකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

‘‘අපිට එකතු වෙන්න හේතු ගණනාවක් තිබුණා.
ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන්න, දූෂණය නැති කරන්න, මේ රටේ ණය බර නැති කරලා තරුණ තරුණියන්ට රැකියා දෙන්න.
ඒවා ඔක්කොම අපි දන්න කරුණු.
මේ රටේ බුද්ධ ශාසනය ආරක්ෂා කරලා, මල්වතු පාර්ශවය ආරක්ෂා කරන්න, ඒකත් එක හේතුවක්.
මං හිතුවා අද මේ ගැන කියන්න කියලා.
2010 පාර්ලිමේන්තු ඡන්දෙදි සරත් ෆොන්සේකා මැතිතුමා පාර්ලිමේන්තුවට තේරුණා.
එතුමාට විරුද්ධව නඩු ගණනාවක් දැම්මා.
පළි ගන්න තියෙන නඩු. මෙම අවස්ථාවෙදිත් බොහෝ දෙනෙක් කිව්වා මේ රටේ කොටි සංවිධානය පරාජය කරපු හමුදාපතිතුමා හිරේට යවන එක හරි නෑ කියලා.
එහෙම සංවිධාන ගණනාවක් තිබුණා.
අපිත් එකතු වුණා.
මේ එකත් තිබුණා දළදා මාළිගාවට පැමිණිලා සත්‍යක්‍රියාවක් කරන්න.
මේ පාප කර්මයට, අපරාධයට විරුද්ධව. එවකට ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දුන්නා අපේ මහානායක ස්වාමීන් වහන්සේලාට දළදා මාළිගාව ඉඩ දෙන්න එපා කියලා.
ඒ ගොල්ලො කැමති ප්‍රතිචාරය නොලැබුණු නිසා ඊට පස්සේ මල්වතු පාර්ශවය කඩන්න ක්‍රියා කළා.
ඒ අවස්ථාවෙදි මල්වතු පාර්ශවයේ සංඝයා වහන්සේ කිහිප දෙනෙක් ගිහින් දීර්ඝ සාකච්ඡාවක් පවත්වලා කිව්වා ඔබ වහන්සේලා මේ කාරණය කළොත් අපිට රාජ්‍ය අනුග්‍රහය තියෙනවා මල්වතු පාර්ශවය කඩලා අලූත් පාර්ශවයක් හදන්න.
අපේ පන්සලේ පාර්ශවයට යනවා කියලා.
අන්න ඒක ප්‍රකාශ කළා.
එහෙම කිව්වෙ කොහොම ද අයිතිය. මල්වතු පාර්ශවය තමයි අපේ පැරණි.’’