බස් ගාස්තු සංශෝධනය අද සිට - අවම බස් ගාස්තුව 9 වෙයි

Monday, 01 August 2016 - 7:38

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+-+%E0%B6%85%E0%B7%80%E0%B6%B8+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+9+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කළ බස් ගාස්තු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව ශ්‍රී ලංගම සහ පෞද්ගලික සාමාන්‍ය, අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී, අධි සුඛෝපභෝගී බස් ගාස්තු අවස්ථා 305 න් 304 ක් සංශෝධනය කර තිබෙනවා.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යටතේ සියයට 06 කින් ගාස්තු වැඩි කිරීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

ඒ අනුව රුපියල් 08 ක් වූ අවම බස් ගාස්තුව රුපියල් 09 දක්වා ඉහල යනවා.

එහෙත් රුපියල් 12 ක්ව පැවති දෙවන ගාස්තුව සංශෝධනය වන්නේ නැහැ.

රුපියල් 15වේ ගාස්තුව රුපියල් 16 ලෙසත්, රුපියල් 18, 20 ලෙසත් සංශෝධනය වනවා.

අන්තර් පළාත් බස් සේවා යටතේ කොළඹ - මහනුවර අතර සුඛෝපභෝගි බස් ගාස්තු රුපියල් 300 දක්වා ඉහල දමා ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ.

මීට සමගාමීව අධිවේගී මාර්ගයේ බස් ගාස්තු ද අද සිට ඉහල යනවා.

මහරගම සිට ගාල්ල දක්වා රුපියල් 375 ක්ව පැවති ගාස්තුව නව සංශෝධනයත් සමඟ රුපියල් 390 දක්වා ඉහළ යනවා.

රුපියල් 445 ක්ව පැවති මහරගම - මාතර අතර ගාස්තුව රුපියල් 470 ක් ලෙසත්, කඩුවෙල - මාතර අතර ගාස්තුව රුපියල් 490ක් ලෙසත් මේ අනුව ඉහළ යනු ඇති.

කඩවත සිට මාතර දක්වා අධිවේගී මාර්ගයේ ගාස්තු සංශෝධනය වන්නේ රුපියල් 510 ක් ලෙසයි.