සෞදියේ ජීවත්වන දසදහසකට රැකියා අහිමි වෙයි

Monday, 01 August 2016 - 7:44

%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%83%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සෞදියේ ජීවත්වන ඉන්දියානුවන් දසදහසකට රැකියා අහිමි වී තිබෙනවා.

එරට ඛනිජ තෙල් කර්මාන්තය ආශ්‍රිතව මතුව ඇති අර්බුද හේතුවෙන් සෞදියේ ජීවත්වන මෙම ඉන්දියානුවන්ට සිය රැකියා අහිමි වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මොවුන්ට තම ආහාර සපයා ගැනීමට අවශ්‍ය මුදල් පවා නොමැති තත්ත්වයක් මතුව ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබුණේ සෞදියේ අසරණව සිටින මෙම ඉන්දියානුවන්ට ආධාර සැපයීමට සෙසු ඉන්දියානුවන් රජය සමඟ එක්ව කටයුතු කළ යුතු බවයි.