ත්‍රීරෝද රථ ගාස්තුව අද සිට ඉහළ දමයි

Monday, 01 August 2016 - 8:10

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
ත්‍රීරෝද රථ ගාස්තුද අද (01) සිට කිලෝමීටරයකට රුපියල් 05 කින් ඉහළ දමන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ දෙවන කිලෝමීටරයේ සිට මෙලෙස ගාස්තු ඉහළ යන බවයි.

එහෙත් පළමු කිලෝමීටරයට අයකරන මුදලේ කිසිදු වෙනසක් නොමැති බවද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ නොදමන බවයි තවත් ත්‍රීරෝද වෘත්තීය සමිති කිහිපයක් ප්‍රකාශ කළේ.