ප්‍රංශ පූජකයාගේ ඝාතනයට දෙදෙනෙකු අත්අඩංගුවට

Monday, 01 August 2016 - 10:09

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ප්‍රංශයේ - රුවෝන් නගරයේ දේවස්ථානයකට කඩා වැදී එහි පූජකවරයා ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවන් දෙදෙනෙකු එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් එක් සැකකරුවෙකු ඝාතනය සිදුකළ අබ්දුල් මලික් නමැත්තාගේ ඥාතියෙකු බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

පසුගිය 26 වනදා දේවස්ථානයට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනෙකු දේව මෙහෙය සිදුකරමින් සිටි මෙම පූජකවරයාගේ ගෙළ කපා ඝාතනය කර තිබුණේ දේව මෙහෙයට එක්ව සිටි බැතිමතුන් ප්‍රාණ ඇපයට ගනිමින්.

අනතුරුව, ආරක්ෂක අංශවල ප්‍රතිප්‍රහාර වලින් ප්‍රහාරකයන් දෙදෙනා ද ජීවිතක්ෂයට පත්වුණා.

එලෙස මියගිය සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වන අබ්දුල් මලික් නමැත්තා ත්‍රස්ත සංවිධානයක් සමග සබදතා පැවැත්වූවෙකු බවටයි අනාවරණ වුණේ.