චීවරධාරියකු, හමුදා සෙබළෙක් පන්සලට ගෙන්වාගෙන කළ දේ

Monday, 01 August 2016 - 10:56

%E0%B6%A0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%94%2C+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%9A
හමුදා සෙබළෙකු  අපයෝජනයට ලක්කළ  චීවරධාරියකු අත්අඩංගුවටගෙන තිබෙනවා.

මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ කනගරායම්කුලම් යුධ හමුදා කදවුරට අනුයුක්තව සේවය කරන සෙබළකු බව සදහන්.

අතවරයට ලක්වූ හමුදා සෙබළා සහ චීවරධාරියා අතර මිත්‍රත්වය ගොඩනැගී ඇත්තේ face book සමාජ ජාල වෙබ් අඩවිය මගින් බවටයි  අනාවරණ වී ඇත්තේ.

ඒ අතරතුර හමුදා සෙබළා කොත්මලේ ප්‍රදේශයේ භාෂා පුහුණුවක් සදහා යාම සදහා සැකකාර චීවරධාරියාගේ ආරාධනයකට අනුව මාදම්පෙ ප්‍රදේශයේ පන්සලකට පැමිණ දින දෙකක් එහි රැදී සිට ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

අනතුරුව භාෂා පුහුණු මධ්‍යස්ථානය තුළදී එම පුද්ගලයා අසනීප වීම හේතුවෙන් ගම්පොල මුලික රෝහලට ඇතුළත්කර ඇති අතර ඔහු ලිංගික අපයෝජනයකට ලක්වී ඇති බවටයි එහිදී අනාවරණය වී ඇත්තේ.

මාදම්පෙ පොලිසිය විසින් අත්අඩංගුවටගත් චීවරධාරියා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.