කොටුවේ උද්ඝෝෂණය කළ ඒකාබද්ධ විපක්ෂයේ 11ක් අත්අඩංගුවට ගන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Monday, 01 August 2016 - 11:01

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+11%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
අධිකරණ නියෝග කඩ කරමින් කොටුව ප්‍රදේශයේ විරෝධතාවයක නිරත වූ බවට චෝදනා එල්ල වූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකුට නොතීසි නිකුත් කරන ලෙසට කොටුව පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම අද ප්‍රතික්ෂේප කෙරුණා.

ඒ කොළඹ - කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ මෙම නඩුව අද කැදවූ අවස්ථාවේදීයි.

පොලිසිය කළ ඉල්ලීමට අනුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 11 දෙනාට නොතීසි නිකුත් කරන්නේ ද නැද්ද යන්න පිළිබදව තීරණය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ කොටුව පොලිසිය විරෝධතාකරුවන්ට නිසි ලෙස අධිකරණ නියෝගය ලබා දී නොමැති බවයි.