කලාශූරී විජය නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වෙයි

Monday, 08 August 2016 - 13:23

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කලාශූරී ප්‍රවීන රංගන ශිල්පි විජය නන්දසිරි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හෘදයාබාධයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේදී මියයනවිට ඔහුගේ වයස අවුරුදු 72 ක්.

වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පියෙකු වූ විජය නන්දසිරි වඩාත් ප්‍රකට වන්නේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මනමේ වේදිකා නාට්‍යයේ මනමේ රජු ලෙස රඟපෑමෙන්.

කුස පබාවතී, සිහබාහු, මහාසාර, රත්නාවලී, නරියා සහ කේජු කෑල්ල, ඒකාධිපති, තාරාවෝ ඉගිලෙති, හුණු වටයේ කථාව ආදී වේදිකා නාට්‍යවලදී ඔහුගේ රංග කුසලතාව කැපී පෙනුනා.

යසඉසුරු, සඳකඩ පහණ, බංගලි වළලූ, සසර සහ රේල් පාර ආදී චිත්‍රපටවල රඟ පෑ විජය නන්දසිරි සිකුරු හතේ චිත්‍රපටයේ කපුවා ලෙස රඟපෑ චරිතයට හොඳම නළුවාට හිමි සම්මානය හිමිකරගත්තා.

විජය නන්දසිරි විවාහ වූයේ සුබ සහ යස වේදිකා නාට්‍යයේ ඔහු සමඟ ප්‍රධාන නිළිය ලෙස රඟපෑ දේවිකා මිහිරානි සමඟයි.

විජය නන්දසිරි නමැති මේ රංගවේදියාණන්ගේ රංගන දිවිය වගේම විජය - දේවිකා විවාහ දිවිය ගැනත් ඉතා හැඟුම්බරව නිර්ව්‍යාජව කළ කතා බහක් පසුගියදා හිරු නාලිකාවේ විකාශය වූ හිරු TV ‘දෙහදක ආදරේ‘ වැඩසටහනට සහභාගී වෙමින් විජය - දේවිකා දෙපල සඳහන් කළා.

ශ්‍රී ලාංකීය රංග කරළිය දිග් විජය කළ විජය නන්දසිරි හා දේවිකා මිහිරාණි සිය ආදර කතාව සේම ජීවිත කතාව පිළිබදවද මෙලෙස හඬ අවදිකළා.

එම වීඩියෝව පහතින් නරඹන්න.