ළදරු ඒකකයේදී මියගිය නිවුන් දරුවන් ගැන මවක් කියූ සංවේදී කතාව

Saturday, 20 August 2016 - 10:52

%E0%B7%85%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%96+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
පුත්තලම - මූලික රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ පවතින අඩුපාඩු හේතුවෙන් තම නිවුන් දරුවන්ගේ ජීවිත අහිමි වූ බවට මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි මව්පිය යුවලක් චෝදනා කරනවා.

පසුගිය දින කිහිපයේදී පුත්තලම මූලික රෝහලේ ළදරු මරණ 3ක් වාර්තා වී තිබුණා.

පුත්තලම - කල්පිටිය, පාලවිය, මදුරන්කුලිය ආදී ප්‍රදේශ ගණනාවක ජනතාවට පහසුකම් සලසන ප්‍රධාන රෝහල වන්නේ පුත්තලම මූලික රෝහලයි.

මසකදී දරු උපත් 650ත්, 700ත් අතර ප්‍රමාණක් වාර්තා වන මෙම රෝහලෙන් පසුගිය කාලයේ පුරා විටින් විට ළදරු මරණ වාර්තා වී තිබුණා.

ඒ අතරින් ආසන්නතම සිදුවීම වාර්තා වුණේ පෙරේදා දිනයේයි.

ඒ, මදුරන්කුලිය - කිවුලතරුණයා පාර ප්‍රදේශයේ පදිංචි මවක් බිහි කළ නිවුන් දරුවන් පුත්තලම මූලික රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යාමේ සිද්ධියයි.

අඩු බරින් යුතුව උපදින දරුවන් රදවා තබා ගැනීමට භාවිතා කරන ඉන්කියුබේටර් යන්ත්‍ර 5ක් පුත්තලම මූලික ළදරු ඒකකය සතුව තිබෙනවා.

එහෙත් පසුගිය කාලය පුරාම එම යන්ත්‍ර 5න් 3ක් පවතින්නේ අක්‍රියව බව රෝහල් අධිකාරී වෛද්‍ය සුමිත් අත්තනායක ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් රෝහල තුළ උපදින අඩු බර බිළිදුන් නොමේරූ ළදරු ඒකකයේ රදවා තබා ගැනීම ගැටළුවක් බවට පත්වී තිබෙනවා.

කෙසේ වෙතත්, පසුගිය දිනවල පුත්තලම මූලික රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ බිළිදුන් මිය යාම සම්බන්ධයෙන්  පූර්ණ විමර්ශනයක් සිදුකරන බව ද වෛද්‍ය අධිකාරීවරයා හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් සදහන් කළා.