මහනුවර සුදුහුම්පල 14 හැවිරිදි ළමයෙකු ඩෙංගු මාරයා බිලිගනී - දුම් ගැසීම නතර වී ඇති බවට චෝදනාවක්

Saturday, 27 August 2016 - 12:46

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%BD+14+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+-+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මහනුවර - සුදුහුම්පල ප්‍රදේශයේ ඩෙංගු රෝගය වැළඳී රෝහල් ගත කළ එකම පවුලේ 5 දෙනෙකුගෙන් එක් දරුවෙකු මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 14 ක් වයසැති පිරිමි ළමයෙක්.

මීට පෙර ද එම ප්‍රදේශයේ ඩෙංගු රෝගීන් වාර්තා වුව ද මහනුවර මහනගර සභාවේ දුම් ගැසීමේ ක්‍රියාවලියට කිසිවෙකුත් නොපැමිණි බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

එම ප්‍රදේශය මහනගර සභාව හා ප්‍රාදේශීය සභා සීමාවේ ඇති බැවින් කිසිදු ආයතනයකින් එම වගකීම පැහැර හැර ඇති බව ප්‍රදේශවාසීන් චෝදනා නගනවා.

කෙසේ වෙතත්, ඊයේ දිනයේදී ඩෙංගු රෝගය වැළඳී මෙසේ මිය ගිය මහනුවර - සුදුහුම්පල පදිංචි ළමයා පසුගිය සඳුදා මහනුවර මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.

අධික හිසරදය වැළදීම හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි ඔහුට ඩෙංගු රක්තපාත තත්ත්වයක් ඇති බවට පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ.

කෙසේ වෙතත්, පසුව එම ළමයා මහනුවර මහරෝහලෙන් පේරාදෙණිය දැඩි සත්කාර ඒකකය වෙත මාරු කර යවා තිබුණා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මහනුවර මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය වයි.එම්.එන්.කේ. යාපාගෙන් විමසීමක් කළා.

ඇය සදහන් කළේ එම ප්‍රදේශයේ පැතිර යන ඩෙංගු රෝගය පිළිබඳව මැලේරියා මර්දන ඒකකය දැනුවත් කර ඇති බවයි.