කාන්තාවක් බස් රථයේ මියයයි - දින 5ක බිලිඳිය සමඟ මල සිරුර මහමඟ දමා යයි

Monday, 29 August 2016 - 10:32

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+5%E0%B6%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B8%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
බස් රථයක ගමන් කරමින් සිටි රෝගී කාන්තාවක් බස් රථයේම මියයාමෙන් පසු මළ සිරුර සහ ඇයගේ ඥාතීන් මහමඟ දමාගිය පුවතක් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් වලින් වාර්තා වනවා.

සිය පවුල සමගින් බස් රථයකින් ගමන් කරමින් සිටියදීයි අදාළ කාන්තාව හදිසි රෝගී තත්වයක් හේතුවෙන් මියගොස් ඇත්තේ.

මෙලෙස මහමඟ දමා යාමෙන් පසුව මියගිය කාන්තාවගේ දින 5 ක් වයසැති බිළිඳා සහ ස්වාමියා ඇතුළු පිරිස අධික වැස්සේ තෙමෙමින්  සිට ඇති බවට වාර්තාවනවා.

ඔවුන් මෙලෙස කැළෑබද ප්‍රදේශයක මාර්ගය අසළ රැදී සිටිනු දුටු නීතිඥවරයෙකු ඔවුන්ගේ පිහිටට ඉදිරිපත්වී තිබෙනවා.

කෙසේ වෙතත් පසුව අදාල බස් රථයේ රියදුරා සහ සහයකයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.