උඩුවේ හිමි රට යෑමට අවසර ඉල්ලයි

Monday, 29 August 2016 - 13:24

%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට විදෙස් ගතවීම සඳහා ඉඩ ලබාදෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ, ධම්මාලෝක හිමියන්ට එංගලන්තයේ ධර්ම දේශනාවක් සඳහා ලබන මස තුන්වනදා සිට හත්වනදා දක්වා විදෙස් ගතවීමට අවසර ලබාදෙන ලෙස උන්වහන්සේගේ නීතීඥයන් මෝසමක් මාර්ගයෙන් අවසර ඉල්ලා සිටි අවස්ථාවේදියි.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය හෙට දිනයේදී අධිකරණයට දැනුම් දෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥයන් කියා සිටියා.

නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ උඩුවේ ධම්මාලෝක හිමියන් මේ වනවිට ඇප මත මුදාහැර සිටිනවා.

උන්වහන්සේගේ ගුවන් ගමන් බලපත්‍රය මේ වනවිට අධිකරණය භාරයේයි පවතින්නේ.

මෙම මෝසම විභාගය හෙට දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න නියෝග කළා.