යේමනයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 45 දෙනෙකු මරුට

Monday, 29 August 2016 - 13:59

%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+45+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
යේමනයේ හමුදා පුහුණ කඳවුරකට අද එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 60කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

පුපුරණ ද්‍රව්‍ය පැටවූ මෝටර් රථයක් දකුණුදිග ඒඩ්න් නගරයේ පිහිටි මෙම හමුදා පුහුණ කඳවුර වෙත පදවාගෙන යාමෙන් ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

පසුගිය වසරේ මාර්තු මාසයේ සිට යේමනයේ සිවිල් යුද ගැටුම්වලින් මිය ගිය සංඛ්‍යාව 6600කට ආසන්නයි.

එහි ජනගහනයෙන් සියයට 80කට පමණ මානුෂීය ආධාර අවශ්‍ය වන බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ.