ජනපතිගේ නිළ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ, 17 හැවිරිදි සිසුවෙකු අත්අඩංගුවට

Monday, 29 August 2016 - 18:02

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%85+%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%96%2C+17+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ජනාධිපතිවරයාගේ නිළ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී ඊට ව්‍යාජ දත්ත ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සැකපිට 17 හැවිරිදි පාසල් සිසුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි එහි උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේ.

අත්අඩංගුවට ගත් මෙම සිසුවාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටින බව සදහන්.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය සිකුරාදා කිසියම් පිරිසක් ජනාධිපතිවරයාගේ නිළ වෙබ් අඩවියට ඇතුළු වී අපහාස වන අයුරින් විකෘති පුවත් පළ කර තිබුණා.

කෙසේ වෙතත්, මේ වන විට එම වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

වෙනත් අයෙකුගේ පරිඝනකයකට හෝ තොරතුරු පද්ධතියකට පිවිස එහි දත්ත සොරා ගැනීම හෝ සිතා මතා දත්ත ඇතුළත් කිරීම 2007 වසරේ අංක 24 දරණ පරිඝනක අපරාධ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්.  

මේ අනුව ජනාධිපතිවරයාගේ නිළ වෙබ් අඩවියට ඇතුළු වී එහි වෙනස්කම් සිදුකළ ආකාරය පිළිබදව සිය විමර්ශනයේදී අවධානය යොමු කරන බවයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ මාධ්‍ය ප්‍රකාශක රොෂාන් චන්ද්‍රගුප්ත කියා සිටියේ.



කොරෝනා පාලනය කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි
Tuesday, 04 August 2020 - 12:59

මේ වනවිට මෙරට කොරෝනා වසංගත තත්ත්වය මනාව පාලනය කර ඇති බවට උපකල්පනය... Read More

බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන එන විකල්ප ක්‍රමවේද වැළැක්වීම ගැන අවධානය
Tuesday, 04 August 2020 - 12:50

බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය රැගෙන ආ හැකි විකල්ප ක්‍රමවේද... Read More

නාකොටික් නිලධාරීන් 13 දෙනා යළි රිමාන්ඩ්
Tuesday, 04 August 2020 - 11:52

තම භාරයට ගත් මත්ද්‍රව්‍ය තොග යළිත් ජාවාරම්කරුවන්ටම අලෙවි... Read More