අදත්, හිරු ශ්‍රී ලංකාවට ඉහළින්

Tuesday, 30 August 2016 - 9:13

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී මේ දිනවල ශ්‍රී ලංකාවට ඍජුවම ඉහළින් පවතින අතර, අද දිනයේදී තාන්ඩිකුලම්, පිරමනලම්කුලම් සහ කුච්චවේලි නගරවලට ඉතා ආසන්නව හිරු මුදුන් වනවා.

අද සහ හෙට දිනවලදී වැසි සහිත කාලගුණ තත්ත්වයේ සුළු වැඩිවීමක් ද අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

එමෙන්ම දිවයිනේ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60ත්, 70ත් අතර තද සුළං අපේක්ෂා කෙරෙනවා.

දකුණු පළාතේ සහ මධ්‍යම කඳුකර ප්‍රදේශවල ද පැයට කිලෝමීටර් 50ත්, 60ත් අතර තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.