ISIS බංග්ලාදේශයට සම්බන්ධ බව ඇමරිකානු රාජ්‍ය ලේකම් කියයි

Tuesday, 30 August 2016 - 9:15

ISIS+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B6%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ISIS සංවිධානය සහ බංග්ලාදේශයේ අන්තවාදී කණ්ඩායම් අතර සම්බන්ධතාවක් පවතින බවට ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඊයේ අනතුරු ඇගවීමක් කළා.

බංග්ලාදේශයේ සංචාරයක නිරත වූ ඔහු ඊයේ ඩකා නුවර දී කියා සිටියේ ISIS තර්ජනය මැඩලීම සඳහා බංග්ලාදේශයට සහායවීමට ඇමරිකාව සූදානම් බවයි.

විශේෂයෙන් ඔත්තු සේවා සහ ආරක්ෂක අංශ ශක්තිමත් කිරීම සඳහා සහාය විය හැකි බව ඔහු සදහන් කළා.

පසුගිය ජුලි 1 වන දා බංග්ලාදේශයේ ඩකා නුවර ප්‍රකට අවන්හලකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයන් විසි දෙදෙනෙකු මිය ගිය අතර ඉන් බහුතරයක් විදේශිකයන්.

එහිදී බංග්ලාදේශ අගමැතිනී ෂීක් හෂීනා කියා සිටියේ එය දේශීය අන්තවාදී කල්ලියක ක්‍රියාවක් බවයි.

ISIS සංවිධානය බංග්ලාදේශය හා සම්බන්ධ බවට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සිදුකළ ප්‍රකාශය ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාරයක් ලෙසයි සැලකෙන්නේ.