ට්‍රැක්ටරයකට යට වී සියඹලාණ්ඩුවේ ළමයෙකු ජීවිතක්ෂයට

Tuesday, 30 August 2016 - 9:18

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B9%E0%B6%BD%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
සියඹලාණ්ඩුව - නුගේවැව - හැඩඔය ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයකට යටවීමෙන් 16 හැවිරිදි ළමයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මොහු මෙම ට්‍රැක්ටර් රථයෙන් හැඩඔය ප්‍රදේශයේ සිට නුගවැව දෙසට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.  

ට්‍රැක්ටර් රථයේ මඩකවරය මත රැදී සිටි මොහු ඉන් ඇද වැටීමෙනුයි ඊට යට වී ඇත්තේ.

එහිදී බරපතල තුවාල ලැබූ මොහු සියඹලාණ්ඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.