ලයන් - රොක් සුළි සුළඟ අද ජපානයට

Tuesday, 30 August 2016 - 9:22

%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%BB%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%9F+%E0%B6%85%E0%B6%AF+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
පැයට කිලෝමීටර් 180 ඉක්ම වූ ලයන් - රොක් සුළි සුළඟ ඊසානදිග ජපානයට ඉදිරි පැය කිහිපය තුළ ළඟා වනු ඇති බව ජපාන කාලගුණ විද්‍යා ආයතනය නිවේදනය කළා.

එය අද උදෑසන පිහිටා තිබුණේ ටෝකියෝවට නැගෙනහිරින් වූ චෝෂි නුවරට කිලෝමීටර් 170ක් පමණ නැගෙනහිර දෙසින්.

පසුගිය දින 10 තුළ වර්ධනය වූ මෙම සුළි සුළඟ දීර්ඝතම කාලයක් පැවති මේ ආකාරයේ සුළි සුළග ලෙස සැලකෙනවා.

1970 වසරේදී එලෙස දින 9යි පැය 6ක් පැවති සුළි සුළඟක් පිළිබද වාර්තා වුණා.

ලයන් - රොක් පැසිෆික් සාගරයේ සිට ඍජුවම ඊසානදිග ජපානයට හමාඒම ද විශේෂත්වයක්.

එලෙස ඍජු සුළි සුළං ප්‍රවාහයක් ඊසානදිග ජපානයට අවසන් වරට පැමිණ ඇත්තේ 1951 වසරේදියි.