ජනාධිපතිවරයාගේ නිළ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

Tuesday, 30 August 2016 - 10:23

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%85+%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ජනාධිපතිවරයාගේ නිළ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීම සම්බන්ධයෙන් තවත් තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි තරුණයෙකු වන අතර, ඔහු මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සදහන් කළා.

ඊයේ දිනයේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් 17 හැවිරිදි කඩුගන්නාව ප්‍රදේශයේ පාසල් සිසුවෙකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවා.

මොවුන් අද අලූත්කඬේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.