යාපනය දඹකොළ පටුන විහාරයේ පිං කැටේ හොරු කඩයි

Tuesday, 30 August 2016 - 12:05

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B6%B9%E0%B6%9A%E0%B7%9C%E0%B7%85+%E0%B6%B4%E0%B6%A7%E0%B7%94%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%82+%E0%B6%9A%E0%B7%90%E0%B6%A7%E0%B7%9A+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%A9%E0%B6%BA%E0%B7%92
යාපනය දඹකොළ පටුන ඓතිහාසික විහාරයේ පිහිටි පිං කැටේ ඊයේ (29) දා රාත්‍රියේ හොරු කඩා දමා තිබෙනවා.

එම අවස්ථාවේ එහි ලක්ෂයකට අධික මුදල්  තිබු බවයි වාර්තාවෙන්නේ.

එදින සවස පන්සල් භුමියේ සැරිසැරූ කුඩා ළමුන් පිරිසක් සම්බන්ධයෙන් පොලිසියට සැක පහල වී එදින රාත්‍රියේදීම සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මුදල් සමගම සැකකාර කුඩා ළමුන් සොයාගත බව පොලිසිය පවසනවා.

අදාල කුඩා ළමුන් 13 හා 14 යන වයස්වල වන අතර ඔවුන් ඉලවලෙයි පොලීසියට රැගෙනවිත් දැඩි සේ අවවාද කොට ඔවුන්ගේ දෙමාපියන්ටද භාරදී තිබෙනවා.


යාපනය , ඉලවාලෙයි පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.