ප්‍රසන්නගේ බිරිඳට විදෙස්ගතවීමට අවසර

Tuesday, 30 August 2016 - 13:08

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංගගේ බිරිඳ වන මොරින් ස්ටෙලා රණතුංගට විදේශගතවීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක අවසර ලබාදුන්නා.

ඒ, තමාට විදෙස් ගතවීමට අවසර ඉල්ලා ඇය ගොනු කළ පෙත්සමක් අද කොළඹ මහාධිකරණය හමුවේ සලකා බැලූණු අවස්ථාවේදියි.

මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ලබාදෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ලබාගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිද ඇතුළු තුන්දෙනෙකුට අධිකරණය හමුවේ නඩුවක් විභාග වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංගගේ බිරිඳට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් විදෙස් ගතවීම තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කර තිබුණා.

මීට පෙර ලබන මස 10 වැනිදා සිටි විදේශ ගතවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංගට අධිකරණය අවසර ලබා දුන්නා.

මේ අතර, මෙම නඩුවේ තුන්වන විත්තිකරු වන දැනට විදේශගතව සිටින නරේෂ් කුමාර නමැත්තා නොමැතිව මෙම නඩුව විභාග කිරීම සම්බන්ධයෙන් තීරණය ලබන මස 30 වැනිදා ලබාදෙන බවයි මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ.