බැසිල් අලූත් සන්ධානය සහ ලකුණ ගැන කියයි

Tuesday, 30 August 2016 - 18:11

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉදිරි පළාත්පාලන මැතිවරණයට නව සන්ධානයක් යටතේ අලූත් ලකුණකින් තරඟ කරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙම සිද්ධියට අදාළව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකුට ඔක්තොම්බර් මස 19 වැනිදා අධි චෝදනා භාරදෙන බව කොළඹ මහාධිකරණ විනිසුරු එන්. වී. කරුණාතිලක අද ප්‍රකාශ කළා.

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 33ක මුදලක් වැයකර සෙවිලි තහඩු බෙදා හැරීම තුලින් රජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කළ බවට ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

සැකකරුවන්ට අද දිනයේ අධි චෝදනා භාර දීමට නියමිතව තිබුණත් එය කල්  දැමුණේ එක් සැකකරුවෙකු වන එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආර්.කේ. රණවක වෙනත් නඩුවකට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටීම  හේතුවෙන්.

ඔහු  අද අධිකරණයේ පෙනී නොසිටි අතර, සැකකරු ඔක්තෝම්බර් 19 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි විනිසුරුවරයා නියෝග කළේ.  

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂද අත්අඩංගුවට ගත් අතර, මේ වනවිට ඔහු ඇප මත මුදා හැර සිටිනවා.

අද පැවති නඩු විභාගයෙන් අනතුරුව මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ  ඉදිරි  පළාත්පාලන මැතිවරණයට නව ලකුණක් සහිත සන්ධානයකින් නියත වශයෙන්ම තරඟ කරන බවයි.

ආසන සංවිධායකවරුන් ඉවත් කිරීම පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ ඔහු නිදහස් පක්ෂ සම්මේලනයට නොයන බවද සඳහන් කළා.