ජගත් මහ ලේකම් අද දිවයිනට

Wednesday, 31 August 2016 - 7:35

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන්කී මූන් අද දිවයිනට පැමිණීමට නියමිතයි.

ඒ අනුව ඔහු දින හතරක් මෙරට රැඳී සිටින බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා, කථානායකවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු මෙරට ඉහළ පෙළේ නියෝජිතයන් මුණ ගැසීමට නියමිතයි.

එමෙන්ම මහ ලේකම්වරයා යාපනය සහ ගාල්ලේ ද සංචාරය කිරීමට නියමිත බව සඳහන්.

උතුරේ නැවත පදිංචි කිරීම් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම ජගත් මහලේකම්වරයාගේ යාපන සංචාරයේ අරමුණයි.

සංහිඳීයාව සහ සහජීවනය පිළිබඳ තරුණයන්ගේ භූමිකාව මැයෙන් ගාල්ලේ පැවැත්වෙන උත්සවයකට ද ජගත් මහලේකම්වරයා සහභාගි වනවා.