සිංගප්පූරුවෙන් සිකා වැළදුන් රෝගීන් 82ක් හමුවේ

Wednesday, 31 August 2016 - 8:03

%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+82%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
සිංගප්පූරුවෙන් සීකා වෛරසය වැළඳුණු රෝගීන් අසූ දෙදෙනෙකු හමුවී තිබෙනවා.

එරට වෛද්‍ය අංශ සදහන් කළේ ඊයේ දිනයේදී පමණක් සීකා වෛරසය වැළදුණු රෝගීන් 26 දෙනෙකු හමුවී ඇති බවයි.

පසුගිය සති දෙක තුළදී මෙම වෛරසය සීග්‍රයෙන් එරට පුරා පැතිරී ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් ගර්භනී මව්වරුන් මේ පිළිබදව අවදානයෙන් පසුවන ලෙසයි සිංගප්පූරු වෛද්‍ය අංශ දැනුම් දෙන්නේ.