කලගෙඩිහේනේ අනතුරකින් ත්‍රිරෝද රථ රියදුරෙකු මරුට

Wednesday, 31 August 2016 - 8:58

%E0%B6%9A%E0%B6%BD%E0%B6%9C%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
නිට්ටඹුව - කොළඹ - නුවර මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ත්‍රිරෝද රථ රියදුරෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.

මහනුවර සිට කොළඹ දෙසට ධාවනය වූ මෙම ත්‍රිරෝද රථයේ රියදුරු, එහි ගමන් කළ බිරිඳ සමඟ බහින්බස්වීමක්  ඇති කරගෙන තිබෙනවා.

කෝපයට පත් මොහු ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයෙන් පැන ඇති අතර ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැටී ඇත්තේ ඉන් අනතුරුවයි.

අනතුරෙන් මිය ගියේ 29 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.