බැන්කී මූන්ගේ සංචාරයේදී ශ්‍රී ලංකාවට ධනාත්මක පණිවුඩයක් - ජගත් සංවිධානය

Wednesday, 31 August 2016 - 13:01

%E0%B6%B6%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%93+%E0%B6%B8%E0%B7%96%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
ජගත් සංවිධාන මහලේකම් බෑන්කී මූන්ගේ සංචාරයේදී ශ්‍රී ලංකාවට ධනාත්මක පණිවුඩයක් ලබාදෙනු ඇති බව මහලේකම්වරයාගේ ප්‍රකාශක ස්ටැෆන් ටුජාරික් ප්‍රකාශ කළා.

ජගත් සංවිධාන දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී මාධ්‍යවේදීයා ප්‍රශ්න කර සිටියේ ජගත් මහලේකම්වරයාගේ මෙවර ශ්‍රී ලංකා සංචාරයේ පණිවුඩය කුමක්ද යන්නයි.

ඊට පිළිතුරු ලබාදුන් ජගත් මහලේකම්වරයාගේ ප්‍රකාශක ස්ටැෆන් ටුජාරික්.

ජගත් සංවිධාන මහලේකම්වරයා අද දිවයිනට පැමිණීමට නියමිත අතර, අද (31) රාත්‍රියේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිතව තිබෙනවා.

හෙට උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණ ගැසෙන ජගත් මහලේකම්වරයා, කථානායකවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් රැසක් ද හමුවීමට නියමිතයි.

එමෙන්ම ජගත් සංවිධාන මහ ලේකම්වරයා සිය සංචාරය අතරතුර යාපනය සහ ගාල්ල ප්‍රදේශවල සංචාරයකට ද එක්වනවා.