නිෂ්පාදන බදු ඉහළ දැමීමෙන් තෙල් සංස්ථාවට මිලියන 2000ක පාඩුවක්

Wednesday, 31 August 2016 - 13:05

%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+2000%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඞීසල් ලීටරයක් සඳහා වූ නිෂ්පාදන බද්ද ඉහළ දැමීම නිසා මාසිකව රුපියල් මිලියන 2000ක අලාභයක් තෙල් සංස්ථාවට සිදුවන බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.

තමන්ගෙන් කරුණු විමසීමකින් තොරව මුදල් අමාත්‍යාංශය මෙම බද්ද ඉහළ දැමූ බවටයි අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සාකච්ඡාවක් ලබාදී ඇති අතර, එහිදී මෙම ගැටලූව නිරාකරණය කර ගැනීමට අපේක්ෂා කරන බව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස්  දක්වමින් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය චන්දිම වීරක්කොඩි සඳහන් කළා.

රුපියල් 3 ක්ව පැවති ඞීසල් ලීටරයක් සඳහා වූ නිෂ්පාදන බද්ද රුපියල් 10 කින් ඉහළ නැංවීමටයි මුදල් අමාත්‍යාංශය පසුගියදා පියවර ගත්තේ.

මේ නිසා පෙට්‍රල් සහ ඞීසල්  මිල ඉහළ දැමීමට ලංකා අයි. ඕ.සී සමාගම රජයෙන් ඉල්ලීමක් කළ බවයි එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෂාම් බෝරා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

අප මේ පිළිබඳව ද ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය චන්දිම වීරක්කොඩිගෙන් කරුණු විමසූ අතර, ඔහු කියා සිටියේ අදාළ සමාගම මිල වැඩි කරන ලෙසට තමන්ගෙන් මෙතෙක් ඉල්ලීමක් සිදුකර නොමැති බවයි.