රණවිරු ස්මාරයකය ඉවත් කළ හේතුව ජනපති හෙළි කරයි

Wednesday, 31 August 2016 - 18:11

%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
රණවිරු ස්මාරයකයක්  තාවකාලිකව ඉවත් කිරිමට සිදුවුණේ කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද හෙළි කළා.

ජනාධිපතිවරයා කියා සිටියේ මෙම ස්මාරකය ඉවත් කරන අවස්ථාවේදිම එය හැකි ඉක්මණින් එම ස්ථානයේම යළි නිර්මාණශීලීව ස්ථාපිත කරන ලෙසට යුද හමුදාවට උපදෙස් ලබාදුන් බවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙම අදහස් පළ කළේ මතින් නිදහස් රටක් ජාතික වැඩසටහන ආසන මට්ටමින් ඇරඹීමේ පළමු පියවරට කුරුණෑගල - හිරියාල - මීගහඇල ක්‍රිඩාංගණයේදී අද එක්වෙමින්.