ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයෙන් සරසවි සිසුන් 4ක් රෝහලේ

Thursday, 01 September 2016 - 7:15

%E0%B6%A2%E0%B6%BD+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
අන්තර් විශ්වවිද්‍යාලයීය  ශිෂ්‍ය බල මණ්ඩලය සහ තවත් ශිෂ්‍ය සංගම් එක්ව ඊයේ කොළඹ පැවැත්වූ විරෝධතා පා ගමනට පොලීසිය එල්ල කළ ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරවලින් තුවාල ලැබූ සිසුන් හතර දෙනෙකු කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලායි මෙම පා ගමන පැවැත්වුනේ.  

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සඳහන් කළේ නේවාසිකව  ප්‍රතිකාර ලබන එක් සිසුවෙකුට ඊයේ රාත්‍රියේ ශල්‍යකර්මයක් සිදුකර ඇති බවයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලින් ඊයේ දහවල් ආරම්භ කෙරුණු මෙම විරෝධතා පා ගමන හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට පැමිණෙන අතරතුරදී එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද හටගත්තා.

පාගමන අතරතුර මිරිහාන පොලිසියේ නිලධාරීන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් සිසුන්ට ලබාදීමට කටයුතු කළත්, ඔවුන් එය භාරගෙන  තිබුණේ නැහැ.  

හයිලෙවල් මාර්ගය ඔස්සේ පැමිණි ඔවුන් තුන්මුල්ල මංසන්ධිය පසුකරමින් ගාලූ පාරට පිවිසි අතර, බම්බලපිටිය හරහා කොල්ලුපිටිය දෙසට ගමන් කළා.

කොල්ලුපිටිය මංසන්ධියෙන් සිසුන් අරලියගහ මන්දිරය දෙසට පිවිසීමට උත්සාහ කිරීමත් සමඟයි පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේ.